මෙම වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන ක්ෂේත්‍රයෙන් ලැබුණු සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක සීමාව ඉක්මවා ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිවේදනය කර ඇත.ගත වූ 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලසීමාව තුළ ඇස්තමේන්තුගත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස සටහන් වී තිබේ. පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව මෙම ඉපැයීම් ප්‍රමාණය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.























