NEMIS පද්ධතිය හරහා පාසල් පද්ධතිය ඩිජිටල්කරණයට

​රටේ සමස්ත පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) හරහා ගුරු මාරුවීම් ඇතුළු තවත් වැදගත් තීරණ ක්‍රියාවට නංවා ඇත. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට, මෙම නවීන පද්ධතිය යටතේ මානව සම්පත් කළමනාකරණ මොඩියුලයේ කටයුතු මේ වන විටත් පළාත් හතරක් තුළ සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.​ඉතිරි පළාත් පහට අයත් තොරතුරු ද ඉදිරි මාස තුනක කාලය ඇතුළත මෙම ජාලයට එකතු කිරීමට නියමිතව ඇත. මෙමඟින් පාසල් පරිපාලන කටයුතු වඩාත් විධිමත් වන අතර, ගුරු මාරුවීම් ක්‍රමවේදය ඇතුළු මානව සම්පත් කළමනාකරණ කාර්යයන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,248

Leave A Reply

Your email address will not be published. Required fields are marked *