2027 වසරේ පාසල් වාර සටහන සහ කාලසටහන නිකුත් කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2027 වර්ෂය සඳහා වන රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල නිල පාසල් වාර සටහන සහ නිවාඩු කාල සීමාවන් ප්‍රකාශයට පත් කර ඇත. ඉදිරි අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීම සඳහා මෙම නව කාලසටහන පාසල් වෙත නිකුත් කර තිබේ.​ඒ අනුව, මුළු වසර සඳහා පාසල් දින 197ක් වෙන් කර ඇති අතර, පළමු පාසල් වාරය ජනවාරි 04 වැනිදා ආරම්භ වී අප්‍රේල් 09 වැනිදායින් අවසන් වේ. අනතුරුව දෙවන වාරය අප්‍රේල් 26 වැනිදා සිට ජූලි 30 දක්වා ක්‍රියාත්මක වන අතර, තෙවන හා අවසන් පාසල් වාරය අගෝස්තු 30 වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා පවත්වාගෙන යාමට නියමිතය.​විභාග සහ ශ්‍රේණිගත කිරීම් සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක් ද මේ සමඟ ගෙන ඇත. 2027 වර්ෂයේ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, නව උසස් පෙළ (12 ශ්‍රේණිය) පන්ති ජූනි 15 දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,295

Leave A Reply

Your email address will not be published. Required fields are marked *