2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඇරඹෙයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුව රැස්වීමත් සමඟ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය. මෙම විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින 4ක් ද ඇතුළුව දින 19ක් පුරා පැවැත්වීමට නියමිත අතර, තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.​අයවැය විවාදය පැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට 11.00 දක්වා ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වෙන අතර, ඡන්ද විමසීම් පැවැත්වෙන දින හැර අනෙකුත් දිනවල පස්වරු 6.00 සිට 6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට කටයුතු යොදා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,432

Leave A Reply

Your email address will not be published. Required fields are marked *