සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා විසින් අද (21) පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දෙන ලදී.ඒ අනුව, කාරක සභා අවස්ථාවේදී වැඩබලන නීතිපතිවරයා එකඟ වූ සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සංශෝධන ඇතුළත් කිරීමෙන් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකිය. මේ සඳහා තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවද එම තීරණයේ වැඩිදුරටත් දැක්වේ.



























