2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඊළඟ මුදල් වර්ෂය ඉලක්ක කරගත් 2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ඊයේ (21) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.​මෙම පනත් කෙටුම්පතට අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත අපේක්ෂිත සමස්ත වියදම රුපියල් බිලියන 4,992,773 කට ආසන්න මුදලකි.​මෙහි පළමුවර කියවීම ලබන මස 7 වන දින සිදුකිරීමට නියමිත අතර, අයවැය කථාව හෙවත් දෙවන වර කියවීම නොවැම්බර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අනතුරුව අයවැය විවාදය අවසන් වී දෙසැම්බර් 14 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාද පැවැත්වෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,343

Leave A Reply

Your email address will not be published. Required fields are marked *