2029 දී විකල්ප ආර්ථික මාවතක් ඔස්සේ ජනාධිපති ධුරයට පත්වීමට විමල් වීරවංශ සූදානම් වෙයි

තමන් 2029 වසරේ පැවැත්වෙන මැතිවරණයකදී මෙරට ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාවක් පවතින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තමන් සතු වුවද, අවසන් තීරණය ඇත්තේ මහජනතාව අතේ බව ඔහු පෙන්වා දෙයි. ඉදිරියේදී රට මෙහෙයවිය යුත්තේ පැරණි ආර්ථික ප්‍රතිපත්ති මතම යැපෙන නායකයෙකු නොව, විකල්ප ආර්ථික සහ දේශපාලන දැක්මක් සහිත නායකයෙකු බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.​තමන් බලයට පත්වුවහොත් වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වන බව පවසන වීරවංශ මහතා, රටේ මූල්‍ය අර්බුදයට නව විසඳුම් සොයන බව සඳහන් කරයි. ඒ වෙනුවට රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි ප්‍රබල රටවල් නියෝජනය කරන බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන, එම මිත්‍ර රටවල සහයෝගය ඇතිව දේශීය ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,174

Leave A Reply

Your email address will not be published. Required fields are marked *