22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අපොහොසත් වීම නිසා පෙත්සම්කරුවන් දෙදෙනකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ජාතික සංවිධාන සංගමයේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක යන මහත්වරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටියි. කෙසේ වෙතත්, එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේදී කැඳවා නොමැති බව ඔවුන් පවසති. ඒ අනුව, එම පැහැර හැරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. තවද, වත්මන් පෙත්සම විභාග කර අවසාන තීන්දුවක් ලබා දෙන තෙක්, 22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැන්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *