ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් යටතේ ආපසු හැරවීමට ලක් නොකරන බවයි. බුලත්සිංහල ප්‍රදේශයේ අද (6) පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. යෝජිත සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව නුදුරේදීම අපේක්ෂා කරන අතර, අධිකරණ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. විවිධ විරෝධතා මධ්‍යයේ වුවද ජනතාවගේ යහපත උදෙසා ගන්නා ලද තීරණවලින් වත්මන් රජය පසුබට නොවන බවත්, දූෂිත රාජ්‍ය ක්‍රමය ඉවත් කිරීම සඳහා ඊට වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



























