22 වැනි ව්‍යවස්ථාවට එරෙහිව GMOA තීරණයක්

අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (30) නිල වශයෙන් තීරණය කළේය. සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික එකඟතාව මත මෙම තීන්දු කර ඇති අතර, රටේ අධිකරණ පද්ධතියේ පවතින ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී පැනනගින ඕනෑම අභියෝගයක් හමුවේ නොපසුබස්නා මට්ටමින් පෙනී සිටීමට ඔවුන් සූදානම් වේ.​මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ගවලදී රජයේ නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමග එකමුතුව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ව්‍යවස්ථාපිත වෙනස්කම් හමුවේ රටේ නීතියේ ආධිපත්‍යය දුර්වල වීමට ඉඩ නොදෙන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,341

Leave A Reply

Your email address will not be published. Required fields are marked *