5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියාචනා ප්‍රතිඵල නිකුත් වෙයි

2025 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු දෙවන වටයේ අභියාචනා (Appeals) ප්‍රතිඵල මේ වන විට නිල වශයෙන් නිකුත් කර තිබේ. ඒ අනුව, තමන්ට හිමි වූ නව පාසල් පිළිබඳ තොරතුරු සහ අවසන් තීරණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව අයදුම්කාර සිසුන්ට සහ දෙමාපියන්ට දැන් හිමි වේ.​මෙම දෙවන වටයේ අභියාචනා ප්‍රතිඵලවලට අදාළ සම්පූර්ණ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://g6application.moe.gov.lk වෙත පිවිසීමෙන් පහසුවෙන් පරීක්ෂා කර ගත හැකිය. අදාළ වෙබ් අඩවියට පිවිස අවශ්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් තමන්ට වෙන් වී ඇති පාසල පිළිබඳ නිවැරදි විස්තර ලබා ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,219

Leave A Reply

Your email address will not be published. Required fields are marked *