එන්ජින් සහ බලවේග කට්ටල හිඟයක් හේතුවෙන් මීට පෙර තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ කොටුව සහ අවිස්සාවේල්ල අතර දුම්රිය ගමන් වාර දෙකක් අද (03) සිට යළි ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම දුම්රිය සේවාවන් නතර කර දැමීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දිනපතා ගමන් බිමන් යන මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.කෙසේ වෙතත්, අද දින සිට එම දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහනට අනුව යළි ධාවනය කරවීමට බලධාරීන් කටයුතු කර ඇත. පවතින සම්පත් සහ මෙහෙයුම් අවශ්‍යතා කළමනාකරණය කරගනිමින්, මෙම ගමන් වාර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාම තමන්ගේ අපේක්ෂාව බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



























