රත්නපුරයේදී ලොරි රථයක ගැටී 11 හැවිරිදි පාසල් දැරියක් අවාසනාවන්ත ලෙස මරුට!

රත්නපුර, ඇලපාත පොලිස් වසමේ කනදොළ - ඉලුක්තැන්න මාර්ගයේ රබර් වත්තක් අසලදී මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක් ලොරි රථයක ගැටීමෙන් පසුගිය බ්‍රහස්පතින්දා මියගොස් තිබේ. පොලිස් වාර්තාවලට අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මධ්‍යහ්න කාලයේදීය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං!

දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.

චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදා හරී

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

විස්සයි-20 ලෝක කුසලාන සමාරම්භක තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව!

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව හෙට පෙරවරු 9:30 සිට SSC ක්‍රීඩාංගණයේ අංක 5 සහ 7 දරන පිවිසුම් දොරටු මහජනතාව සඳහා විවෘතව

ගැටඹේ ගුවන් පාලමේ වැඩ ඇරඹෙයි

ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නැවතී තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් යළි ආරම්භ කෙරිණි. හංගේරියානු රජයේ ණය ආධාර මත රුපියල් බිලියන 14.37 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ