රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයට ගෙවීම සඳහා හඳුන්වා දී ඇති ‘GOV PAY’ සේවාවට සමාන අයුරින් සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් හරහා සිදුවන මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිසිය ජනතාව දැනුවත් කර තිබේ. ජාවාරම්කරුවන් විසින් අදාළ ව්‍යාජ වෙබ් අඩවියේ සබැඳි (Links) කෙටි පණිවුඩ සහ WhatsApp හරහා ජනතාවගේ ජංගම දුරකථන වෙත යවා, ඔවුන්ගේ පුද්ගලික සහ බැංකු දත්ත සූක්ෂම ලෙස සොරාගනිමින් පවතින බව රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.මෙම වංචාවලින් ආරක්ෂා වන ලෙස ඉල්ලා සිටින පොලිසිය, GOV PAY හරහා ගෙවීම් සිදු කිරීම සඳහා වෙනත් කිසිදු බාහිර වෙබ් අඩවියක් භාවිත නොවන බව අවධාරණය කරයි. එබැවින්, නුහුරු සබැඳි ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, මෙවැනි වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙසත් සියලුම රියදුරන්ගෙන් සහ පුරවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























