රථවාහන දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ‘GovPay’ නමින් යොමු කෙරෙන ව්‍යාජ SMS පණිවුඩ කෙරෙහි නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම පණිවුඩ මගින් යොමු කෙරෙන වෙබ් සබැඳි (විශේෂයෙන් lygov.art වැනි ඩොමේන්) සයිබර් වංචා බව අමාත්‍යාංශය තහවුරු කරයි.රජය හෝ පොලිසිය මගින් කෙටි පණිවුඩ හරහා දඩ මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකරන අතර, GovPay නිල ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ආරක්ෂිත රජයේ නාලිකා ඔස්සේ පමණි.මෙම ව්‍යාජ සබැඳි වෙත පිවිසීමෙන් පුද්ගලික දත්ත සහ බැංකු තොරතුරු සොරාගැනීමේ අවදානමක් පවතින බැවින්, මෙවැනි පණිවුඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, රජයේ සේවාවන් සඳහා නිල වෙබ් අඩවි (gov.lk) පමණක් භාවිත කරන ලෙසත් දැනුම් දෙයි.



























