HCFC රසායනික අඩංගු උපකරණ ආනයනය තහනම් කිරීමට පියවර

ඕසෝන් ස්ථරය සුරැකීමේ සහ ගෝලීය උණුසුම පාලනය කිරීමේ අරමුණින්, හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් (HCFC) රසායනිකය භාවිත වන උපකරණ හා උපාංග මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, ඉදිරි ජූනි 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි HCFC මඟින් පමණක් ක්‍රියා කරන සියලුම උපකරණ ආනයනය මුළුමනින්ම තහනම් කෙරේ. මීට අමතරව, ශීතකරණ පද්ධති සඳහා යොදාගන්නා එවැනි සම්පීඩක (Compressors) ආනයනය කිරීම 2028 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.​මෙම සීමාවන් ඇතුළත් 2026 අංක 04 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පසුගිය මැයි 7 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණි. 1969 අංක 1 දරන පනත යටතේ පනවන ලද මෙම රෙගුලාසි, නිල අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.​ශීතකරණ සහ වායුසමන යන්ත්‍ර සඳහා බහුලවම යොදාගන්නා HCFC රසායනිකය, පරිසරයට සිදු කරන දැඩි හානිය හේතුවෙන් මොන්ට්‍රියෙල් සම්මුතිය හරහා ලෝක මට්ටමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එම ජාත්‍යන්තර එකඟතාවයට අනුව ක්‍රියා කරන ශ්‍රී ලංකාව ද එළඹෙන 2030 වසර වන විට මෙම අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වීමට බැඳී සිටී.

What's your reaction?

Related Posts

1 of 1,170

Leave A Reply

Your email address will not be published. Required fields are marked *