ICC තීරණාත්මක සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා සහභාගි නොවන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ලබන ජූලි 9 වන දින පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් නිල ආරාධනයක් ලැබී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට මෙම සාකච්ඡාවට පූර්ණ සාමාජිකයෙකු ලෙස නොව, නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධ වීමේ අවස්ථාවක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.​එහෙත් මෙවැනි තීරණාත්මක සාකච්ඡාවකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හෝ අදහස් දැක්වීමේ පූර්ණ අයිතියක් නොමැතිව, හුදෙක් නිරීක්ෂකයෙකු ලෙස පමණක් පෙනී සිටීම ප්‍රායෝගික මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට ඵලදායී පියවරක් නොවන බවට ක්‍රිකට් බලධාරීන් අතර මතයක් ගොඩනැගී ඇත.​මේ හේතුවෙන්, අදාළ සාකච්ඡාව සඳහා සහභාගි වීමෙන් වැළකී සිටීමට ඈෂ්ලි ද සිල්වා මහතා බොහෝ දුරට තීරණය කරනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වැඩිදුරටත් අනාවරණය වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,236

Leave A Reply

Your email address will not be published. Required fields are marked *