iPhone Duo තිරවල දෝෂයක්: ඇපල් සමාගමෙන් නව දුරකථන ලබාදීමට පියවර

ඇපල් සමාගම මෑතකදී වෙළෙඳපොළට නිකුත් කළ ප්‍රථම නැමිය හැකි ජංගම දුරකථනය වන iPhone Duo හි අභ්‍යන්තර තිරවල දෝෂ හටගෙන ඇති බව වාර්තා වේ. ඩොලර් 2,668ක පමණ ආරම්භක මිලකට අලෙවි වන මෙම දුරකථනය නිකුත් කර දින කිහිපයක් ඇතුළත, එහි තිරයේ ඉරි හටගන්නා බවට පරිශීලකයින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සහ ඡායාරූප හෙළි කර තිබුණි.​දුරකථනය දිගහැරීමේදී මැද නවන ස්ථානය ඔස්සේ රේඛා මතුවීම සහ ඇතැම් අවස්ථාවලදී අසාමාන්‍ය ශබ්දයක් ඇසෙන බවට පරිශීලකයන්ගෙන් පැමිණිලි ලැබී ඇත. මෙම තත්ත්වය පිළිබඳව තමන් දැනුවත් බව ප්‍රකාශ කළ ඇපල් සමාගම, දෝෂ සහිත උපාංග හිමි පාරිභෝගිකයන්ට ඒ වෙනුවට නව දුරකථනයක් ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.​කෙසේ වෙතත්, මෙම දෝෂයට ලක්වූ උපාංග සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර සමාජ මාධ්‍යවල ඇති ඇතැම් ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කළ ඒවා විය හැකි බවටද මත පළ වේ. තාක්ෂණික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නැමිය හැකි ජංගම දුරකථන තාක්ෂණය තුළ ප්‍රමුඛ සමාගම්වලට පවා තවමත් ඉංජිනේරුමය අභියෝග පවතින බවයි.

What's your reaction?

Related Posts

1 of 1,020

Leave A Reply

Your email address will not be published. Required fields are marked *