PHI සංගමය ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි

කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අත්තනෝමතික ස්ථාන මාරුවට එරෙහිව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒ අනුව, අද (20) දින සිට දිවයින පුරා ක්‍රියාත්මක සියලුම ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වීමට එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රාත්‍රියේ රැස්වී තීරණය කර ඇත.​මෙම හදිසි වර්ජනය හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සහ ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වගකිවයුතු ආයතනවල පරිපාලනමය තීන්දු තීරණ නිසා අත්‍යවශ්‍ය වසංගත මර්දන වැඩසටහන්වලට සිදුවන බලපෑම මේ වන විට පුළුල් කතිකාවකට ලක්ව තිබේ.​සෞඛ්‍ය බලධාරීන් විසින් මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී මෙම විරෝධතා තවත් සේවා ක්ෂේත්‍ර වෙත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතියි. දෛනිකව ඉහළ යන ඩෙංගු අවදානමක් පවතින පසුබිමක, මෙම වර්ජනය දීර්ඝ වීම මහජන සෞඛ්‍ය ආරක්ෂාවට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,293

Leave A Reply

Your email address will not be published. Required fields are marked *