SDIG වරුණ ජයසුන්දර ප්‍රකාශයක් ලබාදීමට CIDයට

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) වරුණ ජයසුන්දර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබේ. ඒ මහතා මෙලෙස කැඳවා ඇත්තේ මෑතකදී එල්ල වූ විශේෂිත චෝදනාවකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.​මෙම කැඳවීමට හේතු වී ඇත්තේ ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනාය. ඒ පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවල ඉදිරි පියවරක් ලෙස මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *