ජංගම දුරකථන SIM කාඩ්පත් අනියම් ක්‍රම මගින් ලබාගෙන ඒවා යොදාගෙන සිදුකරන නීති විරෝධී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම හෙවත් TRCSL වාර්තා කර තිබෙනවා.TRCSL හි අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා ඊයේ (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉල්ලීම මත SIM කාඩ්පත් නිකුත් කිරීමේ රෙගුලාසි සංශෝධනය කරන බවයි. පසුගිය වසර 2-3 තුළ SIM කාඩ්පත් සම්බන්ධ නීති විරෝධී ක්‍රියා සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවට ඔවුන් වාර්තා කර තිබුණා.නව රෙගුලාසි යටතේ අලුත් SIM කාඩ්පතක් මිලදී ගන්නා අයගෙන් සජීවී ඡායාරූපයක් ඇතුළුව වැඩිදුර හඳුනාගැනීමේ ක්‍රියාවලියක් සිදුකිරීමට නියමිතයි. මෙම නව අවශ්‍යතා බොහෝ විට මේ වසර අවසානයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම 2027 වසරේදී රටේ සිටින සියලුම ජංගම දුරකථන සහ SIM කාඩ්පත් භාවිතා කරන්නන්ගේ 100% හඳුනාගැනීම සහතික කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වේ. මෙය සාමාන්‍ය ජනතාවට හෝ විදේශිකයන්ට අපහසුතාවයක් නොවන ආකාරයට ක්‍රියාත්මක කරන බව හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.මේ වන විට රට තුළ මිලියන 30කට ආසන්න SIM කාඩ්පත් භාවිතයේ පවතින අතර, සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳවද පරිශීලකයන්ගේ ගැටලු පවතින බව ඔහු සඳහන් කළේය. රට තුළ නීති විරෝධී කටයුතු සඳහා SIM කාඩ්පත් භාවිතය අවම කිරීම මෙම නව පියවරේ ප්‍රධාන අරමුණයි.



























