“Sri Lankan Airline” නාමයෙන් WhatsApp හරහා සිදුවන මහා පරිමාණ බැංකු කොල්ලයක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට (Sri Lankan Airlines) සම්බන්ධ සේවාවක් ලෙස පෙනී සිටිමින් WhatsApp හරහා ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙහිදී වංචනිකයන් විසින් ව්‍යාජ වෙබ් අඩවි හරහා “Sri Lankan.apk” නමැති ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කිරීමට පරිශීලකයින් පොළඹවනු ලබයි. මෙය සැබවින්ම ඉතා භයානක ‘ට්‍රෝජන්’ (Trojan) වර්ගයේ වෛරසයක් සහිත මෘදුකාංගයක් වන අතර, එය මගින් ඔබගේ ජංගම දුරකථනයේ පාලනය දුරස්ථව ලබා ගැනීමට අනිශ්ඨ ක්‍රියාකරුවන්ට අවස්ථාව සැලසේ.​මෙම අනිශ්ඨ යෙදුම දුරකථනයට ඇතුළු වූ පසු, ඔබගේ පෞද්ගලික දත්ත, බැංකු ගිණුම් තොරතුරු සහ ඇඟිලි සලකුණු හෝ මුහුණ හඳුනාගැනීමේ (Biometric) දත්ත සොරාගැනීමට වංචනිකයින්ට හැකියාව ලැබේ. වඩාත් භයානක තත්ත්වය වන්නේ, ඔබ සිදුකරන ගනුදෙනුවලදී ලැබෙන රහස් අංක (OTP) පවා ඔවුන්ට නිරාවරණය වීමයි. මෙමගින් ඔබගේ බැංකු යෙදුම් වෙත අනවසරයෙන් පිවිසීමට ඔවුන්ට හැකි වන අතර, ඉතා කෙටි කාලයක් තුළ ගිණුම්වල ඇති මුදල් වෙනත් ගිණුම් වෙත මාරු කරගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරයි.​මෙවැනි වංචාවලින් බේරීම සඳහා නන්නාඳුනන පාර්ශවයන් විසින් WhatsApp හරහා එවනු ලබන ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් හෝ අනුමත නොකළ මෘදුකාංග (APK files) බාගත කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම නිල මූලාශ්‍රයකින් තොරව කිසිදු යෙදුමකට ඔබගේ දුරකථනයේ දත්ත වෙත ප්‍රවේශ වීමට අවසර (Permissions) ලබා නොදීමට වගබලා ගත යුතුය. ඔබගේ බැංකු ගිණුම්වල ආරක්ෂාව තහවුරු කරගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් පසුවීම මේ මොහොතේ ඉතා වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,109

Leave A Reply

Your email address will not be published. Required fields are marked *