බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමත් සමඟ, එම අංකය ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අද (02) දැඩි තදබදයක් හටගෙන තිබේ.අද දින සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම, රථවාහන ලියාපදිංචිය හා බලපත්‍ර අලුත් කිරීම වැනි කාර්යයන් සඳහා ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත. ඊට අමතරව ඉඩම් ලියාපදිංචිය, ව්‍යාපාර ලියාපදිංචිය, සමාගම් කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීමේදී ද මෙම අංකය අනිවාර්ය වේ.මේ හේතුවෙන් නිකරුණේ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමවේදය (Online) භාවිත කරමින් පහසුවෙන් ටින් අංකය ලබාගන්නා ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



























