පාසල් ප්‍රවාහන ගාස්තු ඉදිරියටත් වෙනස් නොවේ

ඩීසල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට පියවර නොගන්නා බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සේවාව පවත්වාගෙන යාම අභියෝගයක් වුවද, දෙමාපියන් මත අතිරේක මූල්‍ය බරක් පැටවීමට අපේක්ෂා නොකරන බව එම සංගමය පෙන්වා දෙයි.​ඉදිරියේදී ඩීසල් මිල පහත හෙළීමට කටයුතු කරන්නේ නම්, එහි සහනය සෘජුවම පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබාදීමට කටයුතු කරන බව ද සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *