Uber සහ PickMe සඳහා වැට් බදු අය කිරීමේ ක්‍රමවේදය අසාධාරණයි – හර්ෂ ද සිල්වා

Uber සහ PickMe වැනි ඩිජිටල් ප්‍රවාහන සේවා හරහා මගීන්ගෙන් අය කරන මුළු ගාස්තුව මත 18%ක වැට් බද්දක් පැනවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර සාමාන්‍ය රියදුරන් සහ ත්‍රිරෝද රථ හිමියන් දැඩි අර්බුදයකට ඇද දමන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි. ඉන්ධන, නඩත්තු වියදම් සහ ලීසිං වාරික දරා සේවාව සපයන රියදුරන්ගේ සමස්ත ආදායම මත නොව, අදාළ සමාගම මගින් ලැබෙන කොමිස් මුදල මත පමණක් බදු පැනවීම වඩාත් තාර්කික බව ඔහු අවධාරණය කරයි.​කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ඩිජිටල් වේදිකා සේවා සපයන්නන් ලෙස සැලකෙන බැවින් නීතිමය ප්‍රතිපාදන අනුව සම්පූර්ණ ගාස්තුව මත බද්ද ගණනය කළ යුතු බවයි. මෑතකදී සිදු වූ නීති සංශෝධන යටතේ තාක්ෂණික සේවා සඳහා පැවති බදු සහන ඉවත් කර ඇති බවත්, ඒ අනුව ක්‍රියාත්මක වීමට සිදුව ඇති බවත් ඔවුහු පැහැදිලි කරති.​මෙම තත්ත්වය හේතුවෙන් ත්‍රිරෝද රථ හිමියන් නොදැනුවත්වම නීතිමය අවදානමකට ලක්වීමට සහ අසමානුපාතික බදු බරක් දැරීමට සිදුවන බව මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය. එබැවින්, බදු අය කිරීමේ ක්‍රියාවලිය වඩාත් පැහැදිලි සහ සාධාරණ එකක් බවට පත් කරන ලෙසත්, දුප්පත් රියදුරන්ට අනවශ්‍ය ලෙස බදු ගෙවීමට සිදුවන තත්ත්වයක් ඇති නොකරන ලෙසත් ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *