2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය (විෂය අංක 66) ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා වන ප්රායෝගික පරීක්ෂණ පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කර ඇත. ඒ අනුව, මෙම පරීක්ෂණ 2026 ඔක්තෝබර් 17 වන දින සිට ඔක්තෝබර් 21 වන දින දක්වා දිවයින පුරා පිහිටි පරීක්ෂණ මධ්යස්ථාන 67 කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.පාසල් අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රවේශ පත්ර ඔවුන්ගේ ලිපිනයන් වෙත තැපැල් කර ඇත. ප්රවේශ පත්ර මෙතෙක් ලැබී නොමැති අයදුම්කරුවන්ට පහසුවෙන් බාගත කර ගැනීම සඳහා විශේෂ පහසුකමක් ද සලසා ඇත.ඒ අනුව, 2026 ඔක්තෝබර් 14 වන දින සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තමන්ගේ ප්රවේශ පත්රය බාගත (Download) කර ගැනීමට අයදුම්කරුවන්ට හැකියාව පවතී.

























