දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (07) පෙරවරු 11.00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (08) අලුයම 1.00 දක්වා බලාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් හෝ රාත්‍රී කාලයේදී මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැක. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්, එම අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවත් කාලගුණ අංශ දන්වා සිටී.එබැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


























