රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ ‘සරසවි දිරියෝ අභිමන්’ ශිෂ්‍යාධාර වැඩසටහන ඊයේ (11) අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී, සුදුසුකම් ලබන එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මූල්‍ය ශිෂ්‍යාධාර පිරිනැමීම සිදුකෙරිණි.විශේෂ අවශ්‍යතා සහිත කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකර සැමට සමස්ත ප්‍රවේශයක් ලබාදීම රජයේ මූලික ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය. අධ්‍යාපනය තුළ පවතින විවිධත්වය අගය කළ යුතු බව පෙන්වා දුන් ඇය, ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීමට උපකුලපතිවරුන් ඇතුළු බලධාරීන් සුවිශේෂී වගකීමක් ඉටුකළ යුතු බව ද අවධාරණය කළාය.විශ්වවිද්‍යාල අධ්‍යාපනය වඩාත් සාධාරණ සහ ඇතුළත්ශීලී වටපිටාවක් බවට පත්කිරීමට රජය ගන්නා මෙම උත්සාහය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිම්මක් වනු ඇත. මෙමඟින් ආබාධ සහිත සිසුන්ගේ අධ්‍යයන කටයුතු දිරිමත් කරමින්, ඔවුන් සමාජයේ සම අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියන් ලෙස බලගැන්වීම රජයේ ප්‍රධානතම අපේක්ෂාව බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.























