පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු (Cut-off Marks) ලබන මාසයේ මුල් සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සදහන් කරයි.මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් අයදුම්පත් 92,043ක් ලැබී ඇති අතර, ඉන් සිසුන් 42,937 දෙනෙකුට මෙවර සරසවි වරම් හිමිවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය.මීට සමගාමීව නව උපාධි පාඨමාලා කිහිපයක් ද මෙවර විෂය මාලාවට අලුතින් එක් කිරීමට බලධාරීන් කටයුතු යොදා ඇත. සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂයේ වැඩකටයුතු එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද මහාචාර්ය ලියනගේ මහතා වැඩිදුරටත් තහවුරු කළේය.























