වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී “අග්බෝ” ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේ සිටියදී සොයා ගැනීමට හැකිවී තිබේ.අදාළ ප්රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇති පරිදි, සොයාගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා හොඳ ශාරීරික තත්ත්වයෙන් සහ පූර්ණ නිරෝගී සුවයෙන් පසුවී ඇත.ඒ අනුව අග්බෝ ඇතා කිසිදු උවදුරකින් තොරව නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්රයේ ඉතා සුරක්ෂිතව සැරිසරන බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සහතික කරති.



























