අග්බෝ ඇතා සොයා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන්ගෙන් මෙහෙයුම්

අතුරුදහන්ව සිටින අග්බෝ ඇතා සෙවීම සඳහා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සංවිධානය කළ විශේෂ සෝදිසි මෙහෙයුම් අද දිනයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඊයේ දිනයේදී එහෙයිය වැවේ සිට මහකනදරාව දෙසට ජලය ගෙන යන ඇළ මාර්ගයේ දකුණු ඉවුර ආශ්‍රිතව 21 වන පාබල සේනාංකයේ සෙබළුන් විසින් සෝදිසි කිරීම් සිදුකර ඇත.​එම මෙහෙයුම් අතරතුරදී අග්බෝ ඇතාට සමාන ලක්ෂණ සහිත ඇතෙකු සහ අලි රංචුවක් නිරීක්ෂණය වී ඇති අතර, නිලධාරීන් එම ස්ථානයට ළඟාවීමට උත්සාහ කිරීමේදී සතුන් ඝන කැලෑව දෙසට පසුබැස තිබේ. මීට අමතරව තෝඩමඩුව ප්‍රදේශයේ ගොවියෙකු ද පසුගිය 17 වනදා අලුයම අග්බෝ ඇතා නාච්චාදූව වැව දෙසට ගමන් කරනු දුටු බවට තොරතුරු ලබා දී ඇත.​වනජීවී නිලධාරීන් පවසන්නේ අග්බෝ ඇතා මේ වන විට මද කිපී ඇති තත්ත්වයක පසුවන බැවින් වේගයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගමන් කරමින් සිටින බවයි. ඇතා සිටින නිශ්චිත ස්ථානය තහවුරු කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *