මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘කාවන්තිස්ස’ ඇතාට වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරෙන 56 හැවිරිදි පුද්ගලයෙකු වලාන මධ්යම දූෂණ මර්දන ඒකකය සහ වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු වන මොහු අඹන්පොල, හුනුගල්ලෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක්, පතරොම් 24 ක් සහ වියළන ලද දඩමස් සොයාගෙන ඇති අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, විශේෂ නිලධාරී කණ්ඩායමක් උස්ගල, සියඹලාන්ගමුව ප්රදේශයට පිටත්ව ගොස් ඇත.ශ්රී ලංකාවේ ස්වාභාවික පරිසරයෙන් හමුවූ උසම සහ විශාලතම වන අලියෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ අවසන් කටයුතු පසුගියදා සිදුකෙරුණු අතර, මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා සිරුරු කොටස් පේරාදෙණිය විශ්වවිද්යාලයේ විශේෂඥ මණ්ඩලයක් වෙත යොමුකර තිබේ.



























