අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නව ජාතික සැලැස්මක්

​ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම, වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම සහ සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම අරමුණු කරගත් නව ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බ්‍රිතාන්‍යයේ ‘Battersea’ මෙන්ම ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානයේ (ICAM) විශේෂඥ නියෝජිතයින් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.​මෙම සාකච්ඡාවේදී වසර තුනක් පුරා ක්‍රියාත්මක වන, කෙටි කාලයකදී උපරිම සුනඛයන් සංඛ්‍යාවකට එන්නත් ලබා දෙන ‘No Dog Left Behind’ නව ක්‍රමවේදය හඳුන්වා දීමට යෝජනා වී ඇති අතර, එමඟින් ජලභීතිකා එන්නත් සඳහා වැය වන අධික පිරිවැය සීමා කරගත හැකි බව නියෝජිතයෝ පෙන්වා දී ඇත. තවද, පශු වෛද්‍ය හිඟයට විසඳුම් ලෙස පළාත් පාලන ආයතන හරහා පුහුණු ලත් කාර්ය මණ්ඩල යොදවා ගැනීම, බස්නාහිර පළාතෙන් මුලපිරීම සහ මේ සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කර තිබේ.​ගුණාත්මක එන්නත් භාවිතය, ශීතකරණ දාම සුරක්ෂිතතාව සහ මධ්‍යම රජයේ දැඩි අධීක්ෂණයක අවශ්‍යතාව විශේෂඥයින් මෙහිදී අවධාරණය කළ අතර, සත්ත්ව සුබසාධනය මෙන්ම ජලභීතිකා රෝගයරටින් තුරන් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතා අතර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *