අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ BIMSTEC මහලේකම් අතර හමුවක්

2027 ජනවාරි මාසයේදී සිය ධුර කාලය අවසන් කිරීමට නියමිත BIMSTEC මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුවක් නොවැම්බර් 11 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී මහලේකම්වරයාගේ ධුර කාලය තුළ BIMSTEC සංවිධානය ශක්තිමත් කිරීමට ලබාදුන් දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය.​සාමාජික රටවල් අතර සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක නව වැඩසටහන් ඔස්සේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මහලේකම්වරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එමෙන්ම සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගයට ද ඔහු සිය ස්තූතිය පළ කළේය.​කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා BIMSTEC හවුල්කාරිත්වයන් පුළුල් කිරීමේ සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,419

Leave A Reply

Your email address will not be published. Required fields are marked *