ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, අගෝස්තු මාසයේ පළමු දින 6 ඇතුළත මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ මුළු සංඛ්‍යාව 42,810 ක් ලෙස සටහන් වී තිබේ.එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, සමස්ත පැමිණීමෙන් 18% ක ප්‍රතිශතයක් නියෝජනය කරමින් සංචාරකයින් 7,827 දෙනෙකු වශයෙනි. මීට අමතරව, එක්සත් රාජධානියෙන් 4,922 ක්, ප්‍රංශයෙන් 3,908 ක් සහ චීනයෙන් 3,031 ක් වශයෙන් ද සංචාරකයින් දිවයිනට පැමිණ ඇත.මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට අගෝස්තු 06 වැනි දින දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත සංචාරක පැමිණීම් එකතුව 1,386,228 කි. ඒ අතරින් ඉන්දියානු සංචාරකයින් 346,057 ක්, එක්සත් රාජධානි සංචාරකයින් 135,323 ක් සහ චීන සංචාරකයින් 91,538 ක් ලෙස ප්‍රධාන ප්‍රභවයන්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.



























