අතුරුගිරිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ බස් රථයක ගැටී අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ පරීක්ෂාවට ලක් කර තිබේ.එහිදී බස් රථය නිසි පරිදි නඩත්තු කර නොමැති බවට තහවුරු වීම හේතුවෙන් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් අදාළ බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර ඇත.අනතුරට සම්බන්ධ බස් රථ දෙකේම රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, ඔවුන් කිසිවෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. අතුරුගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩුවෙල අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතය.


























