මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වූ බව පවසමින්, අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම පියවර ගෙන ඇත.ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (10) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම විශ්වාසභංග යෝජනාවට නිල වශයෙන් අත්සන් තැබීමට කටයුතු කර තිබේ.























