අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) අතර අද (18) අගමැති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාව සාර්ථක එකඟතාවන්ගෙන් කෙළවර වී තිබේ. මේ හේතුවෙන් මල්වාන ප්‍රදේශයේ පිහිටි අදාළ නිවාස පරිශ්‍රයෙන් වහාම ඉවත් වීමට ශිෂ්‍ය පාර්ශ්වය තීරණය කර ඇත.දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මෙම මල්වාන ඉඩම සහ නිවස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය මෙහිදී එකඟතාව පළ කර තිබේ. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා සඳහන් කළේ අදාළ පැවරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය එකඟ වූ බවයි.රාජ්‍ය මට්ටමින් මෙම දේපළ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රයෝජනය සඳහා පැවරීමට නිල තීරණයක් ලැබුණු බැවින්, එම පරිශ්‍රයේ රැඳී සිටි ශිෂ්‍ය පිරිස මේ වන විට ඉන් ඉවත් වීමට පියවර ගනිමින් සිටිති.

























