ලෝක අර්බුද හමුවේත් අඩුවට පොහොර: රජයේ සහන වැඩපිළිවෙළට ගොවීන්ගෙන් උපරිම ප්‍රසාදය

ගෝලීය වශයෙන් පවතින දැඩි යුදමය සහ ආර්ථික අර්බුදකාරී වටපිටාව හමුවේ වුවද, දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාත්මක කළ සහන මිලට පොහොර ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළ ගොවි ජනතාවගේ ඇගයීමට ලක්ව තිබේ. මේ යටතේ පොළොන්නරුව, ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ජයන්තිපුර මහසෙන් බෙදුම් ඇළ කලාපයේ ගොවීන් 330 දෙනෙකු සඳහා සිය වගා බිම් පෝෂණය කිරීමට අවශ්‍ය සහනදායී යූරියා පොහොර තොග කඩිනමින් නිකුත් කර ඇත.​ගොවි සංවිධාන නිලධාරීන් සඳහන් කරන පරිදි, ජයන්තිපුර ප්‍රදේශයේ කුඹුරු අක්කර 870ක සමස්ත වගා බිම් ප්‍රමාණයක කටයුතු සාර්ථක කරගැනීම උදෙසා මෙලෙස යූරියා පොහොර මිටි 545ක ප්‍රමාණයක් ගොවීන් වෙත සාර්ථකව බෙදා හැර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් අධික ලෙස ඉහළ යන මෙවැනි වකවානුවක, රජය මැදිහත් වී හිඟයකින් තොරව මෙම පහසුකම සැලසීම තමන්ට විශාල සහනයක් බව ප්‍රදේශයේ කෘෂිකර්මිකයන් පවසති.​ණය බරින් තොරව වගා කටයුතු කරගෙන යාමට ලැබීම, ඉදිරි කන්නයේදී සාර්ථක අස්වැන්නක් නෙළා ගැනීමට මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට ද මහඟු පිටුවහලක් වන බව ගොවි ජනතාව කෘතඥපූර්වකව පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 1,147

Leave A Reply

Your email address will not be published. Required fields are marked *