අනුප්‍රාප්තික IMF ගිවිසුමක් සඳහා රජය පියවර ගත යුතුයි – විපක්ෂ නායක

රට යළිත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බැවින්, කිසිදු උද්ධච්ච බවකින් තොරව කඩිනමින් අනුප්‍රාප්තික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) ගිවිසුමකට එළඹෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. සමගි ජන බලවේගයේ ගුරු සංගම් සමාරම්භක සාකච්ඡාවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.​ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ස්ථාවර බව පෙන්වීමට උත්සාහ දැරුවද, සැබෑ දත්තවලට අනුව තත්ත්වය බරපතළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රටක මාස තුනක ආනයන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ සංචිත පැවතිය යුතු වුවත්, ශ්‍රී ලංකාවේ පවතින සංචිත ඒ සඳහා පවා ප්‍රමාණවත් නොවන බවත්, මාසික ආනයන වියදම ඩොලර් බිලියන 2ක් වන බවත් ඔහු සිහිපත් කළේය.​එමෙන්ම මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් විදේශ ප්‍රේෂණ ආදායම පහළ යාමට සහ තෙල් මිල ඉහළ යාම නිසා ආර්ථිකය තවදුරටත් කඩා වැටීමට ඉඩ ඇති බව ඔහු අනතුරු ඇඟවීය. රජය මෙම සැබෑ ආර්ථික යථාර්ථය වටහාගෙන ජනතාවට සත්‍ය කරුණු හෙළි කරමින් ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *