අනුරාධපුර පූජා භූමිය සජීවී ඓතිහාසික කලාපයක් ලෙස සංවර්ධනයට පියවර

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පස්වරුවේ පවත්වනු ලැබීය. ඉන්දීය රජයේ සහ යුනෙස්කෝ සංවිධානයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහිදී දැඩි ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.​නව සංවර්ධන යෝජනා ද ඇතුළත් කර සකස් කරන ලද සංශෝධිත සැලැස්ම ලබන මස 8 වන දින අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව, එම මස 15 වන දින වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සහ සවිස්තරාත්මක වාර්තාව සකස් කර අවසන් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.​මෙම සංවර්ධන කටයුතුවලදී පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලකා, වර්තමානයේද බැතිමතුන් වන්දනාමාන කරන සජීවී ඓතිහාසික බිමක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ යටතේ ප්‍රදේශය හරිත සංවේදී කලාපයක් බවට පත් කරමින්, වාහන තදබදය පාලනය කිරීම සඳහා විද්‍යුත් බස් රථ සේවාවක් හඳුන්වා දීමටද සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *