අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමකට මාලදිවයිනෙන් සහාය

සවුදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය මුදාගැනීමේ අරමුණින් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් නිල වශයෙන් ආරම්භ කර තිබේ. රජයේ මුදල් භාවිත නොකර සම්පූර්ණයෙන්ම තමන්ගේ පෞද්ගලික ධනය වැය කරමින් ඔවුන් මෙම මානුෂීය මෙහෙයුම වෙනුවෙන් විදේශගත වීම විශේෂත්වයකි.​මෙම කටයුතු වෙනුවෙන් මාලදිවයින වෙත ගිය නීතිඥවරුන් දෙපළ, එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත. අනෝජන්ගේ සමාජ මාධ්‍ය ප්‍රකාශය සංවේදී සහ බරපතළ වුවද, අසරණ තරුණයෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන් මානුෂීය පදනමින් පෙනී සිටින බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව, ඔහුගේ ජීවිතය ගළවාගැනීම සඳහා තමාට කළ හැකි උපරිම පූර්ණ සහාය ලබා දෙන බවට මොහොමඩ් නෂීඩ් මහතා මෙහිදී දැඩි ලෙස සහතික වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *