අයවැය ඉල්ලීම් මුල් කරගනිමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් වර්ජන සහ විරෝධතා සූදානමක

මෙවර අයවැයෙන් රජය ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බව පවසමින් නොවැම්බර් 16 වනදා සිට වැඩ වර්ජනයක නිරත වීමට ආපදා සහන සේවා නිලධාරීන් තීරණය කර තිබේ. එම වෘත්තීය සමිතියේ සභාපති පාලිත කුමාර මහතා මේ බව තහවුරු කළේය.​මේ අතර, සියලුම රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය ද තීරණය කර ඇත.​එමෙන්ම, අයවැය යෝජනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් ද මේ මස 19 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,422

Leave A Reply

Your email address will not be published. Required fields are marked *