පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින්, තම ප්රදේශවල පාසල් පවත්වාගෙන යාම හෝ තාවකාලිකව වසා තැබීම පිළිබඳ තීරණ ගැනීමට පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන්ට සහ ලේකම්වරුන්ට බලය පවරා ඇති බව අධ්යාපන අමාත්යාංශය පවසයි.මේ අතර, මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් උපදෙස් මත මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල පිහිටි අධ්යාපන කලාප කිහිපයකට අයත් පාසල් 26 ක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.



























