හලාවත, ඉරණවිල සමිඳුගම ප්රදේශයට ඊයේ (25) රාත්රියේ බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට දැඩි හානි සිදුවී තිබේ. රාත්රී 11.00 ට පමණ හමාගිය මෙම සුළඟින් නිවාසවල වහල ගැලවී ගොස් ඇති අතර, ප්රදේශයේ ගස් කඩා වැටීම් ද වාර්තා වේ.වහලවලට සිදු වූ හානි නිසා නිවාස තුළට වැසි ජලය කාන්දු වීමෙන් ප්රදේශවාසීන් දැඩි අසිරුතාවට පත්ව සිටිති. මීට අමතරව අදාළ ප්රදේශයට ආසන්න මුහුදු තීරය ද මේ වන විට ඉතා රළු ස්වභාවයක් ගන්නා බව පැවසෙයි.



























