බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වූ ‘අර්නාබ්’ ඉතා ප්රබල සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 820ක් පමණ ඊසාන දෙසින් පැවති මෙම පද්ධතිය, ආන්ද්ර ප්රදේශ් හරහා ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එසේම මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං තත්ත්වයක් පැවතිය හැකිය.කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මෙරට කාලගුණයට එල්ල වන බලපෑම හෙට දින සිට ක්රමයෙන් අඩුවනු ඇතැයි අනුමාන කෙරේ. අකුණු සහ තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත්, නිල කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.



























