’අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහන යටතේ ලබාදෙන ජුනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (03) දින ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.ඒ අනුව මෙහි පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 3.1කට අධික මුදලක් (රු. 3,108,805,000.00) ඔවුන්ගේ ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.මීට අමතරව, දෙවන අදියරට අයත් වයස අවුරුදු 70 ඉක්මවූ තවත් වැඩිහිටි ප්රතිලාභීන් 76,139 දෙනෙකු සඳහා රුපියල් මිලියන 380කට වැඩි මුදලක් (රු. 380,695,000.00) මෙලෙස අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.



























