අස්වැසුම වැඩිහිටි දීමනා අද සිට බැංකු ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් සඳහා වන අප්‍රේල් මාසයේ දීමනා අද (22) දින සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. රජයේ මෙම මූල්‍ය සහනාධාරය ලබාදීම මගින් වයස අවුරුදු 70 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.​මෙම ගෙවීම් අදියර දෙකක් යටතේ සිදු කෙරෙන අතර, පළමු අදියරේදී ප්‍රතිලාභීන් 617,406 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 3 ඉක්මවන මුදලක් වෙන් කර තිබේ. එසේම දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා තවත් රුපියල් මිලියන 362 කට අධික මුදලක් බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *