ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම මෙමස අගදී

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව සැප්තැම්බර් 25 වැනි දින පස්වරු 7:00 ට අදාළ සංශෝධනය සඳහා තීරණාත්මක ඡන්ද විමසීමක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.​සාමාන්‍ය කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණායකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජය ව්‍යවස්ථාපිත සියලු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බවයි. ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය ඇති නමුත්, එම විරෝධතා මත පමණක් ජනමත විචාරණයක් කැඳවිය නොහැකි බවත්, ජනමත විචාරණයක් අවශ්‍යද යන්න තීරණය කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *