ආණ්ඩුවේ අසමත්කම නිසා ජනතාව පීඩාවට පත්වන බව නාමල් රාජපක්ෂ පවසයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගියද මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම වත්මන් රජයේ අසාර්ථකත්වයේ සහ වංචා දූෂණවල ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹ පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝකයේ අනෙක් රටවල් තෙල් මිල අඩු කරන විට මෙරට මිල ඉහළ දමමින් රජයේ පාඩු ජනතාව මත පටවන බවයි. රජයේ ආයතන තුළ සිදුවන බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.​වත්මන් ආණ්ඩුව තම පරිපාලන දුර්වලතා වසා ගැනීමට මර්දනය යොදා ගන්නා බවත්, රජයේ ආයතනවලින් සිදුවන මුදල් වංචා සහ බාල ගල් අඟුරු ආනයනය වැනි ගැටලු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය. එසේම, රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා රජය හෝ පළාත් පාලන ආයතන නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවටද ඔහු දෝෂාරෝපණය කළේය.​අසීමිත බදු බර සහ ඉහළ ජීවන වියදම හමුවේ මහජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දෛනික ආහාර වේල් පවා සීමා කරමින් අතිශය දුෂ්කර ජීවන රටාවකට හුරුවී සිටින බව පෙන්වා දුන් ඔහු, රටේ පවතින මෙම තත්ත්වය කෙරෙහි ආණ්ඩුවේ වගකීමක් පවතින බව අවධාරණය කර සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,199

Leave A Reply

Your email address will not be published. Required fields are marked *